Monday, May 6, 2024

General line - 0115112241

30 වනදා සිදුවන අපහසුතාව වළක්වා ගන්න ඉතිරිව ඇති කාලයත් ප්‍රමාණවත්




සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට ඉදිරි දින කිහිපයද ප්‍රමාණවත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ කියා සිටියේ ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණ හොත් අනිවාර්යයෙන්ම ලබන 30වනදා උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කර ඇති ඉල්ලීම් සංඛ්‍යාව 10ක්. එහි පළමු වැන්න වන්නේ සයිටම් ගැටළුවට නිසි විසඳුමක් ලබා දීමයි. අතිකාල දීමනා, මූලික වැටුප්, ප්‍රවාහන දීමනා, තීරු බදු වාහන සහන, සන්නිවේදන දීමනා අඩු කිරීම, දේශපාලන වුවමනා මත සිදු කරන පත්වීම් සහ පර්යේෂණ දීමනා පිළිබඳ ගැටළු සෙසු ඉල්ලීම් වනවා.