වතුකරයේ ජනතාවගේ ගැටළු විසඳීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ තලවාකැලේ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.
වතුකරවේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලිමටද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කළේ.
අඹගමුව සහ නෝවුඩ් ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් දෙදෙනෙකු මෙහිදී ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීම විශේෂත්වයක්.