Monday, January 13, 2025

General line - 0115112241

ප්‍රජා අයිතිය අහිමි කළත් ජනතා ව්‍යාපාරය ඉදිරියට ගෙන යනවා

තරංග රුක්ෂාන් ජයසේකර




බැඳුම්කර විවාදය කල් දැමීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනවාරණයක් සිදු කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන රැළියකට එක්වෙමින්.

අදාළ විවාදය කල් දැමීමට කටයුතු කළේ තමන් නොවන බවත් ආණ්ඩු පක්ෂය බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

දිනේෂ් ගුණවර්ධන සහ අනුර කුමාර දිසානයක යන මන්ත්‍රීවරුන් විවාදය පවත්වන ලෙස ඉල්ලා සිටිය ද එම විවාදය කල් දැමු බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම එම විවාදය පෙබරවාරි 08 වන දින විවාදයට ගැනීමෙන් ආණ්ඩු පක්ෂය මැතිවරණ වාසි ලබාගැනීමට උත්සහ කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට කටයුතු කළ ද තමන් විසින් ගෙන යන ජනතා ව්‍යාපාරය නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.