Sunday, May 19, 2024

General line - 0115112241

ජවිපෙ දිනන ආසන ගණන බුද්ධි අංශ කියලා තියෙනවා




සමීක්ෂණ වාර්තාවලට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද කොට්ඨාස 500ක ජය ජනතා විමුක්ති පෙරමුණට හිමිවන බව තහවුරු වී ඇතැයි එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

"මේ රැස්වීම්වලට එනව බුද්ධි අංශ නිලධාරී මහත්තුරු. ඒ ගොල්ලන්ගේ ජොබ් එක තමයි වාර්තා හදල ආණ්ඩුවට දෙන එක. ඒ මහත්තුරු දැනට දීල තියෙන වාර්තාවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ කොට්ඨාශ 500ක් පමණ ජයගන්න බව තමයි කියල තියෙන්නේ."

ඔහු මේ බව කියා සිටියේ බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.