Sunday, May 19, 2024

General line - 0115112241

හැඳුනුම්පත් නැතිනම් ඒ වෙනුවෙන් අයදුම් කළ හැකි අන්තිම දවස මෙන්න

සජිත් තිලකරත්න




ඉදිරි පළාත් පාලන මැතිවරණය දී ඡන්දය භාවිත කිරිම සඳහා හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයන් වෙනුවෙන් තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරිම සම්බන්ධයෙන් අයදුම්පත් භාර ගැනීම හෙටින් (03) අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.

-----------------

මැතිවරණ පැමිණිලි කෙටි පණිවුඩයකින් දැනුම් දෙන්න! අංකය මෙන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ පැමිණිලි ලබාදිය හැකි කෙටි පණිවුඩ සේවාවක් මැතිවරණ කොමිසන් සභාව අද හඳුන්වා දුන්නා. එ්, අද (02) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. එ් අනුව EC හිස්තැනක් EV හිස්තැනක් අදාළ දිස්ති‍්‍රක්කය හිස්තැනක් තබා ඔබගේ පැමිණිල්ල සටහන් කර 1919ට කෙටි පණිවුඩයක් ලෙස යොමු කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.

වයිබර් සහ වට්ස් ඇප් මාර්ගයෙන්ද පැමිණිළි යොමු කළ හැක.

WhatsApp 0776645692

Viber 0712550780