Tuesday, May 14, 2024

General line - 0115112241

රේගුවේ අකුරට වැඩකිරීම අවසන් (UPDATE)

හේමන්ත කහවලගේ




රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ කි‍්‍රයාමාර්ගය අත්හිටුවා තිබෙනවා. රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් පැවසුවේ සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට බලධාරීන් අවස්ථාවක් ලබා දීම හේතුවෙන් සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හිටවූ බවයි. 

----------------------------------

ආනයනික භාන්ඩ හිඟ වෙන අවධානමක්! රේගුවේ අකුරට වැඩ කිරීම අදත්

02-02-2018 13:55

සිය ගැටලූවලට විසදුම් ලබා දීමට බලධාරීන් කඩිනමින් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බව රේගු නිලධාරීනගේ සංගමය පවසනවා. වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් ඊයේ (01) ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ කි‍්‍රයාමාර්ගය අද දිනයේත් කි‍්‍රයාත්මක බවයි එම සංගමයේ සභාපති ලාල් වීරකෝන් පවසන්නේ.

තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොළට ආනයනික භාණ්ඩ නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් සිදු විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.