Sunday, May 19, 2024

General line - 0115112241

ජාතිවාදය වපුරන තෙක් සිට ''අතරමගින් බස් රථයට ගොඩ වූ'' පිරිස (VIDEO)




ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ඇතැමුන් ක්‍රියා කරද්දී එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන්ට එකසේ සැලකූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පවසනවා.

කුරුණෑගල මුකලංයාය ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ පැවති රජය ජාතිවාදය වපුරද්දී සුළු ජාතික නායකයන් රැසක් සිටියේ එම රජය සමග බවයි.

පසුව ඔවුන්ට ද  යහපාලන බස් රථයට ගොඩවීමට සිදුවූ බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  එහිදී පෙන්වා දුන්නේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මේ සමග  නැරඹිය හැකියි.