Saturday, May 18, 2024

General line - 0115112241

එදා රට යටත් විජිතයක්ව තිබියදී පාලනය කළ ඇය අද රට ගැන තැබු සටහන මෙන්න

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇති සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වී ඇති බව එංගලන්ත දෙවන එළිසබෙත් මහරැජින පවසනවා.

ශ්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් දෙවන එළිසබෙත් මහරැජින මේ බව සඳහන් කර තිබෙනවා.

දිගු කාලක් තිස්සේ දෙරට අතර පවතින සම්බන්ධතාවය දැන් පෙරටත් වඩා ශක්තිමත් වී ඇති බවයි එම නිවේදන මගින් ඇය පෙන්වා දී ඇත්තේ.

ඉදිරි වසරවලදී දෙරට ජනතාව අතර පවතින සම්බන්ධය තවත් ශක්තිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් තමාද දැඩි විශ්වාසයෙන් පසුවන බවයි ඇය සිය සුබ පැතුම් නිවේදනය මගින් සඳහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මෙවර ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ එඩ්වඩ් කුමරුයි.