Saturday, July 27, 2024

General line - 0115112241

ලිට්ල් කැස්ත්‍රෝ සිය දිවි නසා ගනී

online of soviet ඇසුරෙන්




කියුබාවේ  විප්ලවීය නායක ලෙස සැලකෙන පිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් පුත්‍රයා සිය දිවි නසාගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා.

පිදෙල් කැස්ත්‍රෝ යනු අමෙරිකාවට එරෙහිව ක්‍රියාත්මක වූ විශිෂ්ඨ නායකයෙකු ලෙස සැළකෙන අතර ඔහු වසර 50ක් කියුබාව පාලනය කර තිබෙනවා.

ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන 68 හැවිරිදි පිදෙල් කැස්ත්‍රෝ ඩයස් නැමති අයයි මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන්නේ.

මොහු පෙනුමෙන් පිදෙල් කැස්ත්‍රෝට සමාන වන නිසා ඔහුට පිඩලිඩෝ යන අන්වාර්ථ නාමයෙන් ආමන්ත්‍රණය කරනු ලැබුවා.

එමෙන්ම ලිට්ල් කැස්ත්‍රෝ යනුවෙන් හඳුවන්වනු ලැබුවේ ද ඔහුයි.

පිදෙල් කැස්ත්‍රෝ ඩයස් පසුගිය වසරකට ආසන්න කාලයක් මානසීක රෝගී තත්ත්වයෙන් පෙළුණු අතර ඔහු රෝහල් ගත වී ප්‍රතිකාර ද ලැබුවා.

කෙසේ වෙතත් පසුගියදා ඔහු රෝහලින් පිටව ගියද මෙසේ සියදිවි නසාගෙන ඇති බවයි කියුබානු රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

අමෙරිකාවට එරෙහි ක්‍රියාවලදී සිය පියාට ළඟින් සිටිමින් ඊට ශක්තියක් වූ පුද්ගලයෙකු බවයි පිදෙල් කැස්ත්‍රෝ ඩයස් හැඳින්වෙන්නේ.

ඔහු සෝවියට් හමුදාව විසින් පුහුණු කරන ලද න්‍යෂ්ටික විද්‍යාඥයෙකු ද වනවා.