නීති විරෝධී ලෙස සිප්පි කටු ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හොරොව්පතාන පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ අද (02) උදෑසන එම ප්රදේශයේ සිදු කළ රථ වාහන සෝදිසි මෙහෙයුමකදීයි. සහල් පිටි ගෙන යන මුවාවෙන් සිප්පි කටුතොගය ප්රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස පොලිස් භාරයට ගැනුනු සිප්පි කටු තොගයේ බර කිලෝග්රෑම් 45ක්. මේවා ත්රිකුණාමලය කින්නියා ප්රදේශයේ සිට කුරුණැගල දක්වා රැගෙන යාමට සූදානම් කර තිබූ බවද පොලීසිය පැවසුවා.
සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කිරීමට නියමිතයි.