Wednesday, May 15, 2024

General line - 0115112241

කථානායකවරයාගෙන් හදිසි ඉල්ලීමක්

වසන්ත පිවිතුරු




06 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය සඳහා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී  වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ කථානායක කරු ජයසූරිය විසින්.

එළඹෙන 06 වනදා පැවැත්වීමට නියමිත බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය සම්බන්ධයෙන් කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.

පක්ෂ නායකයන්ගේ එකඟතාව අනුව එදිනට විවාදය යොදා ගත්තද එදිනම විවාදය සම්පූර්ණයෙන් අවසන් නොවන බවයි එහි දක්වා තිබුණා.

පක්ෂ නායකයන්ගේ එකඟතාව පරිදි මැතිවරණයෙන් පසු විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදා ගැනීමේ බාධාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්.