Thursday, May 16, 2024

General line - 0115112241

මෝදිගේ අවසන් අයවැයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන දේ මෙතැනින් බලන්න

වසන්ත පිවිතුරු




ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදිගේ අවසාන අයවැය යෝජනාවලිය පසුගියදා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ 2017 සහ 2018 යන මුදල් වර්ෂ සඳහායි.

එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉන්දියානු කෝටි 125ක් වෙන්කර තිබෙනවා.

අදාළ යෝජනාව එරට මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි විසින් පසුගියදා ඉන්දිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අසල්වැසි රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මාලදිවයින, සීෂෙල්ස් රාජ්‍යය සහ මොරිසස් යන රටවල සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් වෙන් කළ මුදල් මෙම වසරේ දී දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර වසරේ දී ඉන්දියානු කෝටි 75ක් වෙනකර තිබු අතර එය මෙම වසරේ දී කෝටි 125 ක් දක්වා ඉහළ දමා තිබීම විශේෂිතයි.

ඒ අනුව උතුරේ කන්කසන්තුරේ වරායේ සංවර්ධන කටයුතු ඉන්දියාව විසින් සිදුකිරිමට නියමිත බවයි මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි සිය අයවැය කතාවේ දී කියා සිටියේ.

එමෙන්ම සෙසු රටවල් සඳහා කෝටි 6479.13 ක් මෙවර ඉන්දිය රජයේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව - කෝටි 125ක්

භුතානය - කෝටි 3714ක්

නේපාලය - කෝටි 375ක්

ඇෆ්ගනිස්ථානය කෝටි 350

ඉරානය - කෝටි 150ක්

බංග්ලාදේශය කෝටි 125ක්

අප්‍රිකානු රටවලට - කෝටි 330ක්