Tuesday, May 14, 2024

General line - 0115112241

05 වනදාට අධිකරණයට එන්නැයි නොතිසි ලැබු පිරිසක්

අධිකරණ වාර්තාකරු




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්, වන සංරක්ෂණ අධ්‍යක‍ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයකට මාර්තු මස 05වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (02) නොතීසි නිකුත් කළා.

ඒ විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතය නීති විරෝධී ආකාරයෙන් එළි පෙහෙළි කර ජනාවාස ඇති කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් අද (02) කැඳවූ අවස්ථාවේදීයි.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සහ මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න  විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

2009 වසරේ පත් කරන ලද ජනාධිපති කාර්යය සාධක බලකායක් මගින් අදාළ ප්‍රදේශයන්හි අවතැන්වූ පුද්ගලයන් පදිංචි කිරීමට කටයුතු කර ඇති බවයි පෙත්සම්කරුවන් පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.