Tuesday, May 14, 2024

General line - 0115112241

අද නිකුත් වන ගැසට් නිවේදනය ගැන ජනපති කියයි




ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හෙට්ටිපොළ නගරයේ අද (02) පස්වරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සිය පාලන සමය තුළ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.