Tuesday, May 14, 2024

General line - 0115112241

මහ බැංකු බැඳුම්කරයට ජාත්‍යන්තරය කියන අලුත් නම ගැන කියන මන්ත්‍රී බන්දුල




ලබන 06වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බැඳුම්කර විවාදයේදී තමන්ට වැඩි කාල වේලාවක් ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලබන සඳුදා කථානායකවරයාගෙන්  ඉල්ලීමක් කරන බවයි.

මහ බැංකුවේ විශ්වාසට බිඳ වැටි ඇති බවත් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කරවලට කළු බැඳුම්කර ලෙස ජාත්‍යන්තරය  හඳුන්වන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ විශාල අලාභය මෙය ලෙසද මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.