Tuesday, May 14, 2024

General line - 0115112241

රටේ ස්ථාන රැසකට පොලිතීන් ගෙනයාම හෙට සිට තහනම්




වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන ආරක්ෂිත ප‍්‍රදේශ තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය හෙට (04) සිට තහනම් වනවා. ඒ අනුව ස්වභාවික රක්ෂිත, ජාතික උද්‍යාන, ලෝක උරුම වන භූමි, සංරක්ෂණ වනාන්තර තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය සම්පූර්ණයෙන් තහනම් වනු ඇති.

ඒ අනුව ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මළු, පොලිතීන් සහිත ආහාර ඇසුරුම් සහ ප්ලාස්ටික් භාජන ආරක්ෂිත ප‍්‍රදේශ තුළට රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.