Tuesday, May 14, 2024

General line - 0115112241

06දා පාර්ලිමේන්තු විවාදයේ වෙලාව ගැන ප්‍රශ්නයට ආණ්ඩුවෙන් පිළිතුරක්




ලබන 06වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ වේලාවන් වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ලබන සඳුදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ හැකි බව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. අදාළ විවාදයේ වැඩි වේලාවක් තමන්ට අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂය සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉල්ලීම පිළිගත නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසන්නේ.