කුලියාපිටියේදී පසුගියදා පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් කරනු ලැබූ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නඩු මගට පිවිස තිබෙනවා.
එම අපහාසයට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නීතීඥයින් ඔහුට එරෙහිව එන්තරවාසියක් යවනු ලැබුවා.
අමාත්‍යවරයාට හෝ ඔහුගේ පවුලේ අයට අයත් නොවන වත්කම් අමාත්‍යවරයාගේ බව පවසමින් ඔහුට අපහාසයක් වනසේ අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මෙම ප්‍රකාශය සිදු කර ඇති බවටයි චෝදනා කෙරෙන්නේ.