සිය පාලනයක් යටතේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා දඩුවම් ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. මාතර නගර මධ්‍යයේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියාසිටියා.
"අර්ජුන් මහේන්ද්‍රන්ට කවුද යන්න දුන්නේ? එයා පත්කරපු එක්කෙනාමයි. ගිහිං වරෙං මචං කිව්ව. දැන් ගෙන්නන්න පුළුවන්ද? වැරදිකාරය වුණාම එයිද ඌ? හැබැයි අපි එයාට කියනව එයාට ගේන්න බැරි වුණොත් අපි ගෙන්නනවා කියලා."