තලෙයිමන්නාරම, ආදම්ගේ පාලම අසල මුහුදු සීමාවේදී හෙරොයින් සන්තකව සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 423 යි මිලිග්‍රෑම් 900 ක් සහ බීඩි මිටි 157 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 ක් සහ 21 ක් වන තරුණයන් දෙදෙනෙක්. ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් ධනුෂ්කොඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.