Sunday, January 12, 2025

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට සී.අයි.ඩී ය ජාත්‍යන්තර පොලිසිය මගින් සිතාසි යවයි

හේමන්ත කහවලගේ




ප‍්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙම මස 15 වනදාට පෙර මෙරටට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර පොලීසිය හරහායි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු තිදෙනෙකු ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ ලබන 15 වනදාට පෙර හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට මෙරටට පැමිණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු මහබැංකු අධිපතිවරයා වෙත අදාළ දැනුම්දීම කර ඇත්තේ එම අධිකරණ නියෝගයට අනුවයි.