ලබන 5 සහ 6 දෙදින තුළ මෙරටදී පැවැත්වීමට නියමිත ඉන්දියානු බීජ සමුළුව මගින් මෙරට බීජවල සුරක්ෂිතතාවයට බලපෑම් එල්ල විය හැකි බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මෙම සමුළුවේදි නීති උල්ලංඝණය කරමින් දෙරට අතර බීජ හුවමාරු වැඩසටහනක්ද සිදුකිරීමට නියමිත බවයි.
මෙරට දේශීය බීජවල අයිතිය උදුරා ගැනීමට වෙනත් පාර්ශව මීට පෙරද මෙවැනි උත්සාහයන්හි යෙදී ඇති බවද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දුන්නා.