ඇඹිලිපිටිය, පනාමුර විහාරස්ථානයක නිධන් සොයා කැණීම් සිදුකළ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත අද අළුයම සිදුකළ වැටලීමකදීයි විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
නිධන් සෙවීම සඳහා සැකකරුවන් යොදාගත් රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා යන්ත්රයක්ද පොලිස් භාරයට ගැණුනා. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පනාමුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.