ජාතික ආණ්ඩුවක් තුළ රැදී සිටින බැවින් ඇතැම් ප්‍රශ්න හමුවේ ඉවසීමෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. කෑගල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
" පිනට ඇමතිකම් කරන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නව. ඡන්දෙත් පැරදිලා හැබැයි අපිට වැඩිය හොඳ ඇමතිකම් කරනවා. අපෙන් සනීපද කියල ඇහුවම සනීපයි කියන්න ටිකක් අමාරුයි. අපි තමයි ආණ්ඩුව ගත්තේ. අපි තමයි අරගල කළේ. ඒත් ඇමතිකම් කරන්නේ පිනට ඉන්න ඇමතිවරු. ඒත් ජාතික ආණ්ඩුවක් නිසා අපි ඉවසනවා." යැයි පැවසුවා.
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් තමන් මේ දිනවල කිසිදු විවේචනයක් සිදු නොකරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඒ රාජාංගණය ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනහමුවක් අමතමින්. අමාත්‍යවරයා වැඩිදුරටත් කිසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් තමන් හා එක්වෙමින් ඇති බැවින් එජාපයට දොස් නොපවරන බවය.