Saturday, January 11, 2025

General line - 0115112241

වවුනියාවේ සමස්ත ජන්දය ප්‍රකාශ කිරීම 65% ඉක්මවයි (PHOTOS) (UPDATE)

වන්නි - රොමේෂ් මධුෂංඛ/වවුනියාව - මාධව කුලසූරිය.




පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්  65% වැඩි ප්‍රමාණයක් ‍අද (10)  සවස වන විට ජන්දය ප්‍රකාශ කොට ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනව

විදානපතිරණ මහතා පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 114,599 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.

වවුනියාව පළාත් පාලන ආයතන වෙනුවෙන් ජන්ද මධ්‍යස්ථාන 148 කදී ජන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා සදහන් කළා.

පළාත් පාලන මැතිවරණයේදී වවුනියාව නගර සභාව, වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව, වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව හා  වෙංගල සෙට්ටිකුලම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පළාත් පාලන ආයතන නියෝජිතයින් 103 දෙනෙකු තෝරා ගැනීමට නියමිත බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් ‍සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවා.

වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූවේ දිස්ත්‍රික්කය තුළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 56 කදී ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අද (10) රාත්‍රි 7.00 පමණ වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.

----------------------

.මෙතෙක් ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවූ දිස්ත්‍රික්කය මෙන්න (10-02-2018 13:55)

මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 05 ක් වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම උදෑසන කාලයේදීම 50% ක ප්‍රතිශතයක් ඉක්මවා ඇති බවට වව්නියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ  කියා සිටියා.

වව්නියාව දිස්ත්‍රික්කය වෙනුවෙන් නගර  සභාවක් හා ප්‍රාදේශීය සභා 04 ක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කෙරෙන අතර මෙවර පලාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 114,599 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව නගර සභාව, වව්නියාව උතුර ප්‍රාදේශීය සභාව, වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව, වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාව හා සෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාව යන පලාත් පාලන ආයතන 5ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 148 ක් පිහිටුවා තිබූ අතර තේරීපත්වන අපෙක්ෂකයින් ගණන 103ක්  බවට වව්නියාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියා.

වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙතට මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායම් ද පැමිණි අතර ඔවුන් කියා සිටියේ මෙතෙක් වව්නියාව දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්ථා වී නොමැති බවයි.

එමෙන්ම වව්නියාවේ සියළුම ඡන්ද මධ්‍යස්ථාන වෙතට පූර්ණ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.