පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලට සාපේක්ෂව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. ඒ අනුව සමස්ථ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ත් 70 ත් අතර පැවැති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසුවේ.
අද (10) දිනය තුළ මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් 181 ක් වාර්තා වී ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවා.
මැතිවරණ නිරීක්ෂණ ජාලය පැවසුවේ සිද්ධින් 222 ක් අද දිනය තුළ වාර්තා වී ඇති බවයි. එහි මාධ්‍ය ප්‍රකාශක නීතීඥ චමින්ද ගුණසේකර පැවසුවේ සමස්ථ ඡන්ද ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට 65 ඉක්මවා ඇති බවයි.