මෙවර පළාත් පාලන මැතිවරණයේ දී උතුරු නැගෙනහිර ජනතාවගේ මතය කුමක්දැයි දැන ගැනීම සඳහා බොහෝ පාර්ශ්ව වැඩි උනන්දුවක් දක්වන බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසනවා.
කෙසේ වෙතත් අද (10) උදැසන 7.00ට ආරම්භ වුණු පළාත් පාලන ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසන් කෙරුණා.
මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ මෙවර පළාත් පාලන මැතිවරණ සුළු සිද්ධින් හැරුනු විට ඉතාමත් සාමකාමි අන්දමින් මැතිවරණය පැවැත්වුණු බවයි.
මෙවර ඡන්ද ප්රකාශය සියයට 60කින් පමණ වර්ධනය වී ඇති බව ද සඳහන්.