Saturday, January 11, 2025

General line - 0115112241

සියළු දෙනාට ස්තුතියි..තවදුරටත් සහාය දෙන්න - නිල නොලත් ප්‍රතිඵල නිකුත් කිරිමෙන් වළකින්න




මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා සහයෝගය දැක්වූ සියළු පාර්ශ්වයන්ට තමා හෘදයාංග ස්තුතිය පල කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

සාමාකාමි අයුරින් මෙවර පළාත් පාලන මැතිවරණය පැවති බවත් ඔහු පෙන්වා දුන්නා.

අද (10) පස්වරුවේ මැතිවරණ  මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර අනුමත නොකළ නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කර සිටියා.

මේ බව සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවා.

පළාත් පාලන ආයතනවල, ඒ ඒ සමස්ත ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා කෙරෙන අතර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව විසින් සනාථ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් එම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන බව ඔහු පෙන්වා දුන්නා.

එසැනින් එම තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කිරිමට කටයුතු කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවා.