අද පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල කිසිවක් මෙතෙක් නිකුත් කර නැතත් මැතිවරණ කොමිසම නමින් ඇති සහතික කරන ලද ෆේස්බුක් පිටුවක මේ වනවිට කොට්ඨාස මට්ටමේ ප්‍රතිඵල 50ක් පමණ පළ කර තිබෙනවා.
මේ අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ගණන් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දී කොට්ඨාස මට්ටමින් ප්‍රකාශ කෙරුණු නිල නොවන ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට බොහෝ ස්ථානවල දී ඉදිරියෙන් සිටින බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.
මැතිවරණ කොමිසමෙන් කළ විමසීමක දී ප්‍රකාශ කෙරුණේ නිල ඡන්ද ප්‍රතිඵල තව නොබෝ වේලාවකින් නිකුත් කරන බවයි.