Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රධාන පක්ෂ එලවා දැමූ ආයතන දෙකක් මෙන්න (UPDATE)




මෙතෙක් ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන දෙකක් ජයග‍්‍රහණය කිරිමට ස්වාධීන කණ්ඩායම් දෙකක් සමත්ව තිබෙනවා. කළුතර බේරුවල නගර සභාවේ ජය හිමිව ඇත්තේ අංක 1 ස්වාධීන කණ්ඩායමටයි. ඔවුන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 10,862 ක්. ආසන 8 ක් ඔවුන්ට හිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 9,789 ක් හිමිකර ගෙන ඇති අතර ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 7 ක්. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 799 ක් ලබාගෙන එක් ආසනයක්  හිමිකර ගෙන තිබෙනවා. 

මේ අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ජය හිමි වුයේද අංක 01 ස්වාධීන කණ්ඩායමටය.  ආසන 10ක් දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂය ආසන 06ක් දිනාගෙන ඇති අතර, ස්වාධීන කණ්ඩායම 02 එක් ආසනයක් දිනාගෙන තිබෙනවා.

--------------------------------

 නිකුත් වූ නිල ප්‍රතිඵලයක ගණන් වරදි

11-02-2018 04:14

 

මැතිවරණ කොමිසම විසින් මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කෙරුණු මාතර දිස්ත‍්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප‍්‍රතිඵලයේ සංඛ්‍යා දෝෂයක් නිරූපණය වනවා.

මැතිවරණ කොමිසම මෙම නිල ඡන්ද ප‍්‍රතිඵලය නිකුත් කළේ එහි සභාපති මහින්ද දේශප‍්‍රියගේ අත්සනින්.

මාතර දිස්ත‍්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය සභාවට තරග කළ කණ්ඩායම් ගණන 05ක්. මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද එහි නිල ඡන්ද ප‍්‍රතිඵලයට අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡුන්ද 8621ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3417ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 928ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 818ක් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු ඡන්ද 109ක් ද ලබාගෙන තිබෙනවා. අප කළ ගණනයන්ට අනුව එහි එකතුව 13,893ක්.

එහෙත් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නිල ඡුන්ද ප‍්‍රතිඵලයට අනුව මෙම පළාත් පාලන ආයතනය සහා වලංගු ඡන්ද සංඛ්‍යාව 24,048ක් වනවා. ඒ අනුව නිවරැදි එකතුවට වඩා සහන්ව ඇති වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 10,155ක් වැඩියි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් ද විමසීමක් කළා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ කිසියම් වරදක් සිදුව ඇත්නම් වරද නිවරැදි කර මාතර දිස්ත‍්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප‍්‍රතිඵලය නැවත නිකුත් කරන බවයි.

----------------------

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා‍වේ වැඩි ඡන්ද පොහොට්ටුවට (11-02-2018 02:57)

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා‍වේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.

එහි ජය හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයයි. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8621 යි. 

 

---------------------------

අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න(UPDATE)

(11-02-2018 01:02)

 

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාව බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

--------------------------

මෙන්න පළමු නිල ඡන්ද ප්‍රතිඵලය

(11-02-2018 00:12)

පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මීට නොබෝ වේලාවට පෙර මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබුවා. එම ප්‍රතිඵලය පහතින් බලන්න.

පළාත් පාලන මැතිවරණය 2018

දිස්ත්‍රික්කය - මුලතිව්

මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව