පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුවේ ජය තහවුරු කළ සියළු දෙනා වෙත සිය කෘතවේදය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා සිය ටීවීටර් ගිණුමෙන් මේ බව සටහනක් තබමින් පවසා ඇත්තේ මේ අවස්ථාවේ දී තමා හම්බන්තොට ජනතාවට හා සමස්ත රට වැසියන්ට ස්තුතිය පුද කරන බවයි.
ජනතාව තමන්ගේ කැමත්ත පෙන්නුම් කර ඇති බවත් ඉන් අනාවරනය වන්නේ රටේ පාලනයේ වෙනසක් බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ද සිය නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ලබාගත් ජයග්‍රහණය සාමයෙන් බුක්ති විඳින ලෙසයි.