මේ දක්වා ප්‍රතිඵල නිකුත් කෙරුණු පළාත් පාලන ආයතන 3 කට ලැබී ඇති ප්‍රතිඵලය අනුව නියමිත ආසන සංඛ්‍යාවට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් ලබාදීමට සිදුව තිබෙනවා.
ඒ අනුව මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවට වැඩිපුර ආසන 3 ක් ලබාදීමට සිදුව ඇති අතර ගාල්ල, රජ්ගම ප්‍රාදේශීය සභාවට වැඩිපුර ආසන 2 ක් ලබාදීමට සිදුව තිබෙනවා. වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවට එක් ආසනයක් වැඩිපුර ලබාදීමට සිදුව ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේ.