Saturday, January 11, 2025

General line - 0115112241

තුන්වන තැනට ආ පක්ෂය පළමු හා දෙවන තැනගත් පක්ෂවලට වඩා ආසන ගත් සභාවක්




වව්නියාව වෙන්ගලසෙට්ටිකුලම් ප‍්‍රාදේශීය සභාවේ වැඩි ඡන්ද ලබාගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමත් වුවද එම ප‍්‍රාදේශීය සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය හිමිකර ගෙන තිබෙනවා.

එම ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද 2,923 ක් හිමිකර ගෙන ඇති අතර එහි ප‍්‍රතිශතය සියයට 23.4 ක්. ඒ අනුව කොට්ඨාස 3 ක ජයග‍්‍රහණය සමග ඔවුන් හිමිකර ගත් ආසන සංඛ්‍යාව 4 ක්. එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 2,802 ක් ලබාගෙන එහි දෙවන වැඩිම ඡුන්ද සංඛ්‍යාව හිමිකර ගෙන තිබෙනවා. කොට්ඨාස 2 ක ජයග‍්‍රහණය සමග එක්සත් ජාතික පක්‍ෂයට හිමිව ඇති ආසන ගණන 4 ක්. ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය ඡුන්ද 2,671 ක් ලබාගනිමින් ඡන්ද සංඛ්‍යාව අනුව 3 වන ස්ථානයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් කොට්ඨාස 5 ක් ඔවුන් ජයගෙන ඇති අතර ඒ අනුව වැඩිම ආසන හිමිව ඇත්තේද එම පක්‍ෂයටයි.