කොළඹ සැලකිල්ලට ගැනීමේදී මේ කලාපයේ අනෙකුත් ප්‍රදේශත් සමඟ මහරගම එකතැන පල්වෙන ස්වරූපයක් ගන්නා බවත්, මහරගමට විධිමත් නාගරික සංවර්ධනයක් අත්‍යාවශ්‍ය වී තිබෙන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
පසුගියදා මහරගම සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ 1991 වසරේදී කොළඹ නගරයේ ජනගහනය ලක්ෂ 6ක පමණක් වූ බවත් දැනුත් අඩුවැඩි වශයෙන් ඉන්නේ ලක්ෂ 6 ක් පමණක් බවත්ය. නමුත් මේ අවට නගරයන් කෝට්ටේ, මහරගම, කැස්බෑව, කඩුවෙල වැනි ප්‍රදේශවල සීග්‍ර ජනගහන වර්ධනයක් දැක ගන්න හැකි බවය.
මහරගම නාගරික සැලැස්ම ගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කර පියවරෙන් පියවර අරමුදල් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අද එකතුවී ඇතැයි ඔහු පෙන්වා දුන්නා.
මහරගම සියලුම සංවර්ධන කටයුතු එළැඹෙන වසර 3 ඇතුළතදී නිම කිරීමට කටයුතු කරන බවත් මෙම කටයුතු සිදු කිරීමේ දී විරෝධතා බලපෑම් එල්ල විය හැකි බවත් සියලු කටයුතු සිදු කිරීමට සෑම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.