Saturday, January 11, 2025

General line - 0115112241

ශ‍්‍රී ලනිප සහ ජාතික සාම සන්ධානයේ දෙපිරිසක් ගැටේ! කාන්තාවකුත් රෝහලේ




පළාත් පාලන මැතිවරණය පැවැති ඊයේ (10) දින රාත‍්‍රී 9.20 ට පමණ පොලොන්නරුව කදුරුවෙල, ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජාතික සාම සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී ජාතික සාම සන්ධානයේ ආධාරකරුවන් 4 දෙනකු තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් සියලූම දෙනා ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මොවුන් අතර කාන්තාවක ද සිටින බවයි පොලිසිය පවසන්නේ. ගැටුමේදී තුවාල ලැබූවන් සියලූම දෙනා කදුරුවෙල ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මෙම පහරදීම සිදුකළ බව කියන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.