නිකුත්ව ඇති මැතිවරණ ප්‍රතිඵල අනුව ඇතැම් පළාත් පාලන ආයතනවල බලය තනිව ලබා ගැනීමට එක් පක්ෂයකට නොහැකි වනවා. එවැනි පළාත් පාලන ආයතනවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් පක්‍ෂවලට ඒවායෙහි බලය පිහිටුවීම සඳහා වෙනත් පක්‍ෂවල මන්තී‍්‍රවරුන්ගේ සහාය ලබාගැනීමට සිදුවනු ඇති.
බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල සභාපතිවරයා පත්කර ගන්නා ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙසේ කරුණු පැහැදිලි කළා.
"කිසියම් ආයතනයක මන්ත්‍රීවරු සංඛ්‍යවෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් යම් පක්ෂයකට හිමිනම් එවිට පක්ෂයේ ලේකම්වරයාට නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති හෝ සභාපති හා උපසභාපති පත් කිරීමේ බලය හිමිවනවා. එහෙත් බහුතර බලය කිසිවකුට නැති අවස්ථාවකදි මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුවයි එම තනතුරු සඳහා නියෝජිතයින් පත්කිරීමට සිදු වන්නේ" යැයි ඔහු පවසනවා.