Saturday, January 11, 2025

General line - 0115112241

පොහොට්ටුව සමග නගර සභාවක සහ ප්‍රාදේශීය සභාවක බලය අල්ලන්න රජුන් තනන්නකු එක්වෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්




 පළාත් පාලන මැතිවරණයෙන් හැටන් දික්ඔය නගර සභාවට ලංකා කම්කරු කොංග‍්‍රසය මන්ති‍්‍ර ධුර දෙකක් දිනා ඇති අතර ඔවුන් ලබා ගත් ජන්ද ප‍්‍රතිශතය අනුව බෝනස් මන්ති‍්‍ර ධුර හතරක් ලැබි තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ති‍්‍ර ධුර දෙකක් ලැබි ඇත.

 
මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂක මහතා හා ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් හා පාර්ලිෙමින්තු මන්ති‍්‍ර අරුමුගම් තොන්ඩමන්  අතර හැටන් දික්ඔය නගර සභාවේ හා නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය පක්ෂ දෙකට එක්වි පිහිටුවිමට එකග වි තිබෙනවා. 

මේ අනුව එම නගර සභවේ හා ප‍්‍රාදේශිය සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග‍්‍රසයටත් උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් ලබා දිමට දෙපාර්ශවයම එකගතාවයකට පැමිණ ඇති බවයි පක්ෂයේ ජේ්‍යඨයකු පැවසුවේ.