Saturday, January 11, 2025

General line - 0115112241

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පැෆරල් සංවිධානය කියයි




පශ්චාත් මැතිවරණ සමයේ සිද්ධීන් 20 ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබද සිද්ධින්  15ක් සිය සංවිධානයට වාර්තා වී ඇති බවයි. අම්පාර, උහන, පොලොන්නරුව, ගම්පොල, යටියන්තොට,වැලිගම මැදිරිගිිය යන ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තාවන බවය.

එක් අපේක්ෂකයකු සහ තවත් හතර දෙනකු රෝහල්ගතකර ඇති බවයි ඔහු පැවසූවේ. මැදිරිගිරියේ නිවාස තුනකට පහරදී ඇතැයිද ඔහු පවසනවා.