ප‍්‍රතිඵල නිකුත් නොවූ පළාත් පාලන ආයතනවල ප‍්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට තවත් පැය 3 ක පමණ කාලයක් ගතවිය හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. මේ වනවිට ජනමාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීම සදහා සභා 200 කට ආසන්න ප‍්‍රමාණයක ප‍්‍රතිඵල කොමිෂන් සභා කාර්යාලයෙන් නිකුත් කිරීමේ ස්ථානයට යොමුකර තිබෙනවා.
තවත් පළාත් පාලන ආයතන 140 කට ආසන්න ප‍්‍රමාණයක ප‍්‍රතිඵල කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සහතික කළයුතුව ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. අද මධ්‍යහ්න වනවිට සියළුම සභාවල ප‍්‍රතිඵල නිකුත් කිරීමට අපේක්‍ෂා කළද පරිගණක ගත වැඩසටහනක් හරහා එම ප‍්‍රතිඵල නිකුත් කිරීමට කර තිබූ සැලසුම් කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් මෙම ප‍්‍රමාදය සිදුව ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේ.