Saturday, January 11, 2025

General line - 0115112241

ඡන්ද ප්‍රථිඵල නිකුත් වෙද්දී මැර පිරිසක් පහරදීමකට සූදානම් වී වැඩ වරද්ද ගනී




මැතිවරණ ප්‍රථිඵල නිවේදනය කිරීම ආරම්භ කිරීමත් සමග කුලියාපිටිය ප්‍රදේශයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා  වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට සහ  ගෙහිමියන්ට පහරදීම සඳහා පැමිණි  පිරිසක් කුලියාපිටිය පොලිසිය විසින් අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවස අසලට පැමිණි පිරිසක් ගෙහිමියන්ට පහරදීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඔවුන්ව අල්ලා පොලිසියට බාරදී ඇති අතර සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔවුන්ව පොලිස් බාරයෙන් බලහත්කාරයෙන් රැගෙන යාම සඳහා තවත් පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන්  විසින් රැගෙන පැමිණි කඩු යකඩ පොලු ඇතුළු ආයුධ  රැසක් පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිදුවීම වාර්තා වන කුලියාපිටිය නගර සභා ප්‍රදේශයේ බලය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි.