පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ ඉටු කිරීමට නොහැකි වූ අසාර්ථක තත්ත්වයන් පවතින බවයි.
එම අඩුපාඩු අවම කර ගැනීමට තවත් අවස්ථාව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. අසාර්ථක තත්ත්වයෙන් මිදිම ඉදිරියේ දී කටයුතු කළ යුතු බවත් ජනතාව දී ඇති පණිවුඩය තේරුම් ගෙන කටයුතු කළ යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව ලබාදුන් තීරණය හිස නමා තමන් පිළිගන්නා බවද එක්සත් ජාතික පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඒ පිළිබදව ගැඹුරින් සිතාබලා සිය කාර්යභාරය වඩාත් නිවැරදි සහ වේගවත්ව ඉටු කිරීමට කැප වන බවයි මහලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.
ඉකුත් කාලයේදී සිය රජය විසින් කළ සේවාවන් සහ කාර්යයන් බොහොමයි. එහි සමහරක් ජනතාවට ප‍්‍රදර්ශනය වන අතර මෙම ඡන්දයද ඊට කදිම උදාහරණයක් බවයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් කබීර් හෂීම් සඳහන් කළේ
අප ඉටුකළ සමහරක් දෑ තවම ප‍්‍රදර්ශනය නොවන අතර තව නොබෝ කාලයකින් ඒවායෙහි ප‍්‍රතිඵල ජනතාවට දිස්වනු ඇති.
2015 මහමැතිවරණයේදී ජනතාව අප වෙත ලබාදුන් ජනවරමට අනුකූලව පැවරී ඇති කාර්යයන් අර්ථපූර්ණ ලෙ ස ඉටු කිරීමට කැපවන බවට සහතික වන බවයි එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් කබීර් හෂීම් සිය නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.