පැහැදිළි තීරණයක් මෙරට ජනතාව ප්රකාශයට පත්කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. දැනට අමෙරිකාවේ ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි සිට මැතිවරණ ජයග්රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය සහාය දක්වන ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජය තහවුරු කිරිම සඳහා ජනතාව යහපත් සංඥාවක් නිකුත් කර ඇති බවයි ඔහු පවසන්නේ. එම පක්ෂය මත විශ්වාසය තැබු සියළු ඡන්ද දායකයන් වෙත තමන් ස්තුතිය පුද කරන බවද අමෙරිකාවේ සිට හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
ජනතාව, සෑමදා මෝඩයන් බවට පත් කළ නොහැකි බව පෙන්වා දී ඇති ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මාතෘ භුමියේ සුබ සිද්ධිය වෙනුවෙන් එඩිතරව ජනතාව සිය බලය පාවිච්චි කර ඇති බවයි.
කෙසේ වෙතත් 2020 ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා තරග වැදීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එවැනි පසු බිමක හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම නිවේදනය නිකුත් කර ඇති බවද සඳහන්.