Saturday, January 11, 2025

General line - 0115112241

ජනමතයෙන් පසු වෙනසකට සැරසෙන ජනපති

හේමන්ත කහවලගේ




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල සැලකිල්ලට ගෙන ආණ්ඩුවේ වෙනසක් ඇති කිරීමට සියළු පක්‍ෂ සමග සාකච්ඡා කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

, ජනාධිපති නිල නිවසේ අද (11) දහවල් පැවති විශේෂ සාකච්ඡාවකදියි. මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියා.

මෙවර මැතිවරණයේ ප‍්‍රතිඵලය සැලකිල්ලට ගෙන සියළු පක්‍ෂ එක්ව සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ලෙස හෝ සභාග රජයක් ලෙස ආණ්ඩුවේ ඉදිරි කාලසීමාවේ කටයුතු කළයුතු බවටයි එම අමාත්‍යවරුන්ගේ මතය වී ඇත්තේ.