2015 ජනාධිපතිවරණයේදි පොරොන්දු වූ යහපාලනය ජනතාවට දැනෙන අයුරින් ස්ථාපිත කිරීමට රජයක් ලෙස අප අපොහොසත් වී ඇති බව ජාතික හෙළ උරුමය පවසනවා.
එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මහජනතාව ඉල්ලා සිටින ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්ට යොමුවීම රජයට සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ වගකීම බවයි.
රජයේ පාර්ශවයෙන් විවිධ අඩුපාඩුකම් සිදුවී තිබියදීත් විශාල ජනතාවක් අප පිළිබදව තවදුරටත් විශ්වාසය තබා ඇති බව මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළේ.