Saturday, January 11, 2025

General line - 0115112241

පුංචි ඡන්දේ දී ආයතන 240කට වැඩි සංඛ්‍යාවක් පොහොට්ටුවට

කසුන් කැලුම්




2018 පළාත් පාලන ඡන්ද විමසිමේ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත් කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඒ පළාත් පාලන ආයතන 340ක් අතුරින් පලාත් පාලන ආයතන 240කට අධික ප‍්‍රමාණයක ජය තහවුරු කර ගනිමින්.  එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 36ක බලය හිමි කර ගත්තා.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවූයේ පළාත් පාලන ආයතන 09ක පමණයි. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන 27ක බලය හිමි කර ගත්තා. ලංකා කම්කරු කොංග‍්‍රසය පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගත් අතර මුස්ලිම් කොංග‍්‍රසය පළාත් පාලන ආයතන 03ක් ජය ගත්තා.

 

කොළඹ දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 13න් 10ක ජය හිමිවූයේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණටයි. එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ සහ කොලොන්නාව නගර සභාවේ බලය හිමිකර ගත්තා. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 19ක් අතරින් පළාත් පාලන ආයතන 17ක බලය ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට හිමිවුණා.

කළුතර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 17ක් අතරින් 13 බලය හිමිවූයේද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණටයි. එක්සත් ජාතික පක්ෂය කළුතර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 3ක බලය හිමිකර ගත් අතර ස්වාධීන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයක් බලය හිමිකර ගත්තා.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 12ම ජය හිමිවූයේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 18ක් අතරින් 08ක බලය හිමිකර ගැනීමට ශි‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමත්වුණා. බදුල්ල මහ නගර සභාව ඇතුළුව පළාත් පාලන ආයතන 05ක බලය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 20න් 19ක ජය ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට හිමිවුණා. එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ ගාල්ල මහ නගර සභාවේ බලය පමණයි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 19 අතරින් 18කම ජය ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට හිමිවුණා.