Tuesday, September 17, 2024

General line - 0115112241

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ගැන තීරණය තවත් දුර යයි

අධිකරණ වාර්තාකරු




ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත මැතිවරණය පැවැත්වීම වලකාලීමට ගොනු කළ රිට් පෙත්සම අප්‍රේල් මස 3 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කරන කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත මැතිවරණය පැවැත්වීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි 30 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ විරෝධතා ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කළා.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂය විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.  

බලයලත් නියෝජිතයකු විසින් නාමයෝජනා භාර නොදුන් බවට පවසමින් තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරියා කටයුතු කර ඇති  බවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂය මෙම පෙත්සමෙන් පවසා සිටිනවා.