Tuesday, September 17, 2024

General line - 0115112241

අගමැති නැතිව එජාපය රැස්වෙලා - මහලේකම් ලියුමකුත් ඉරා දමයි

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (14) රාති‍්‍රයේද පැවැත්වුණා.

ඒ, එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගේ නිවසේදීයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයක් නොමැතිවයි.

එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් අයෙකුට භාර දිය යුතු බවට යෝජනා කර තිබෙනවා. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද ඒ සඳහා සහභාගී වී සිටියා. සාකච්ඡාවට සහභාගී වී සිටි වැඩිදෙනෙකු මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවයි. 

මේ අතර සිය ධුරයෙන් ඉවත් වීම සඳහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ලිිපියක් සකස් කර ඇතැයි ද වාර්තා වනවා. ඔහු ඊයේ (14) පැවැති සාකච්ඡාවට පැමිණ ඇත්තේ එම ලිිපියද සමගයි.

කෙසේ වෙතත් අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර එම ලිිපිය උදුරාගෙන ඉරා දමා තිබෙනවා. පවතින ගැටලූ විසඳා ගැනීමට නොහැකිවුවහොත් තනිව නොව ඉල්ලා අස්වීමේ ලිපියක් සාමූහිකව යැවිය හැකි බවයි එහි සිටි කිහිපදෙනෙකු එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.