Tuesday, September 17, 2024

General line - 0115112241

පැමිණිල්ලක් කරන්න පොලිසියට ආ කාන්තාවක් මියයයි

ජයන්ත වීරසේකර - වැල්ලවාය




බඩල්කුඹුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරිමට පැමිණි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මයිලගහතැන්න ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හැට දෙකක් පමණ කාන්තාවක්.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොලීසියට පැමිණි අවස්ථාවේදී හදිසියේ රෝගී වූ ඇය බඩල්ගමුව මුළික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අදාළ කාන්තාව පෙනහළු ආශී‍්‍රත රෝගයකින් පෙලී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී හෙලිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.