Tuesday, September 17, 2024

General line - 0115112241

හෙට අනිද්දා හැදෙන ආණ්ඩුවේ හැඩහුරුකම් මෙන්න! මහරගම බලය බඩල්ගමට දෙන්නත් බැහැ

චම්ලි ඒකනායක




මහරගම නගර සභාව ජයගත් ස්වාධීන කණ්ඩායම නොසලකා හැර ඉදිරි අවුරුදු 4 ක්‍රියාත්මක වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ යම් කොට්ඨාශයක ජයගත් අපේක්ෂකයා කිසියම් නීති විරෝධී ක්‍රමයකින් ජයගෙන ඇති බව තහවුරු වුවහොත් එම කොට්ඨාශයේ දෙවනුවට ඡන්ද ලබාගත් තැනැත්තා තෝරාගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසූ බවය.

ඡන්දයට ඉදිරිපත්වන තැනැත්තා ප්‍රදේශයේ පදිංචිකරුවකු වියයුතු වීම නීතියක් බව පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, බඩල්ගම ප්‍රදේශයේ පිරිසකට මහරගම පාලනය කරන්න නීතිමය හැකියාවක් නැතිබවයි පෙන්වා දෙන්නේ.

මෙම කණ්ඩායම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබෙනවා.

මේ වනවිට රට තුළ ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් කලබල වියයුතු නැති බවයි අනුර කුමාර දිසානායක  පෙන්වා දෙන්නේ. තව දින කිහිපයකින් නව ආණ්ඩුවක් පිහිටවණු ලබනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, මහින්ද රාජපක්ෂ මහතා සමග භාරකාර ආණ්ඩුවක් හෝ පවතින ජාතික ආණ්ඩුව ඉදිරිවට පවත්වා ගැනීමට ඉදිරි දින කිහිපය තුළ තීරණය වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉන් වඩාත්ම විය හැක්කේ කැබිනට් සංශෝධන සමග පරණ පුරුදු ආණ්ඩුවම පැවතීමේ ඉඩකඩ වැඩි බවද ඔහු පෙන්වා දෙනවා.

ඇතුළෙත් පිටත් සිදුවන සියල්ල දකිනා බව පවසන අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයකට යන ලෙස මාධ්‍යට පැවසීමෙන් වැඩක් නැති බවය.

"19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිවම දක්වා තිබෙනවා පාර්ලිමේන්තුව විසිරවිය හැකි ආකාරය. ජනධිපතිවරයා විසුරවනවනම් පාර්ලිමේන්තුව වසර 4 1/2ක් ගතවෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ 2020 පෙබරවාරි වෙනකම් ඒ විදියට විසුරවන්න බැහැ. අනෙක් ක්‍රමය තමයි පාර්ලිමේන්තුවට ඒ සඳහා යෝජනාවක් ගෙනත්, එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වීම. මේක තැන් තැන්වල කියල වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න. ජනතාවට කිව්ව කියල මොකුත් කරන්න බැහැ මේක." යැයි ඔහු පවසනවා.