Tuesday, September 17, 2024

General line - 0115112241

දේශපාලන අස්ථාවරභාවයෙන් මුදවන්න කරන දේ මෙන්න




ඉදිරි දින කිහිපය තුළ කැබිනට් සංශෝධනයක් සිදු වන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් එවැන්නක් සිදු වන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේ වෙතත් දැනට පවතින ජාතික ආණ්ඩුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ පිළිබද වැඩිදුර තොරතුරු නෙත් නිවුස් සවස 06.45 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.